Identity theft කියන්නේ ගොඩ දෙනෙක් වැඩිය හිතන්නෙ නැති ඒත් භයානක ප්‍රශ්නයක්. Identity theft කියන දෙයින් අදහස් කරන්නේ වෙනත් කෙනෙකුගේ පෞද්ගලික විස්තර යොදාගෙන වංචනිකව ඒ පුද්ගලයා විදිහට හැසිරෙනවා කියන එක.සරලවම වෙන කෙනෙක්ගේ විස්තර වලින් බොරු identity card හදාගෙන පාවිච්චි කරන එක, වෙන කෙනෙකුගේ ඇඟිලි සලකුණු පාවිච්චි කරන එක වගේ දේවල්.මේකෙ භයානකම තත්වය තමා මේ විස්තර අපරාධයකට සම්බන්ධ වුනොත් විස්තර අයිති නියම පුද්ගලයාට එය සම්බන්ධ නෑ කියන දේ ඔප්පු කරගන්න බැරි වීම.නිකම හිතන්න කිසිම සම්බන්ධයක් නැති මිනීමැරුමක මළසිරුරේ ඔයාගෙ ඇඟිලි සලකුණ තිබ්බොත් මොකද වෙන්නෙ කියලා.ඒ වගේම මේ බොරු අනන්‍යතාවයන් වලින් බැංකු ණය ගන්න එක, බැංකු ගිණුම්වල මුදල් ගන්න එක, insurance claim කරන එක වගේ දේවලුත් සිද්ද වෙනවා.

ලංකාවේ තාමත් මේ දේවල් ලොකුවට සිද්ද වෙන්නෙ නැති වුනත් ගොඩක් රටවල මිනිහෙකුගේ ඇඟිලි සලකුණ කියන්නෙ ලොකු මුදලකට විකිණෙන දෙයක්.මේවගෙනුත් මැරුණ මිනිස්සුන්ගේ අනන්‍යතාවයට ලොකු වටිනාකමක් තියෙනවා, මොකද මේවා යොදාගෙන කරන අපරාධ ඔප්පු කිරීම ඉතාම අපහසු වීම.ඉන්දියාවේ අධාර් කාර්ඩ් (Aadhar) ඇතුලුව ගොඩක් රටවල් වල Bio-metric Identification භාවිත වෙන නිසා තමා කියන දේ විශාල ලෙස පැතිරිලා තියෙන්නෙ.මේ නිසා පෞද්ගලික විස්තර යොදන තැන් වලදි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.

ඒ වගේම තමන් social media platform වලදි post කරන දේවල් ගැනත් ගොඩක් හිතන්න වෙනවා.මොකද ඒවගෙ විස්තර වලින් hackersලට password අනුමාන කරන්න ගොඩක් තොරතුරු පාවිච්චි කරන්න පුලුවන් වීම.Twitter එකේ ගොඩ දෙනෙක් Twitter threads වල ප්‍රශ්න වලට උත්තර දානවා.බොහෝවිට මේ ප්‍රශ්නවලින් අහන්නේ කැමතිම film එක, සින්දුව, පාට, කෑම වර්ගය, නළුවා/ නිළිය වගේ දේවල්. වැඩි දෙනෙක් හිතන්නෙ මේ දේවල් එච්චර වැදගත් නෑ කියලා.කවදවත් හිතල තියෙනවද මේ තොරතුරු වලින් කරන්න පුලුවන් මොනවද කියලා. ගොඩක් site වල accounts හදද්දි password recover කරගන්න security question එකක් දාන්න කියනවා.ගොඩක් විට මේවගෙදිත් අහන්නෙ අර Twitter threads වල අහපු කැමතිම film එක, සින්දුව, පාට, කෑම වර්ගය, නළුවා/ නිළිය වගේ ඒවම තමා.මේ threads දාන අය වගේම reply කරන අයත් හිතන්නෙ නෑ මේක ලොකු භයානකකමක් තියෙන දෙයක් කියලා.

දැන් තේරේන්න ඇති මේව කොහොමද hackers ලා පාවිච්චි කරන්නෙ කියලා.ඒ වගේම තමා රැල්ලට යන මොකක්හරි දෙයක් ලියපු බෝඩ් එකක් අතේ තියාගෙන මූණ පේන විදියට දාන photos, මේවාට ‌පොඩි Photoshop වැඩක් දැම්මම ඕනෙම චෙයක් ඒකට දාන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාගෙ මූණ තියෙන PornHub Verified Profile එකක් වුනත් ඔයාට බලාගන්න ලැබෙන්න ඉඩ තියෙනවා. 😂

මේ නිසා තමන්ගේ පෞද්ගලික තොරතුරු ගැන මීට වඩා ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ.

Edit On Github ↗