නිකමට හිතුනා Inductive charging එහෙම නැත්තම් Wireless charging (cordless charging) කියන දේ කොහොමද වැඩ කරන්නෙ කියලා හොයලා බලන්න.ඇත්තටම මේක අද ඊයෙ ආපු දෙයක් නෙවේ, මේකට තියෙනවා අවුරුදු 200ක විතර අතීතයක්.මේකට මූලික වෙලා තියෙන්නෙ මයිකල් ෆැරඩේගෙ විද්‍යුත් චුම්භක ප්‍රේරන මූලධර්මය. 19 වෙනි සියවසේදී Nikola Tesla ආදර්ශනය කරලා තියෙනවා චුම්භක ක්ෂේත්‍රයක් හදලා වාතය හරහා receiver දෙකක් අතර විද්‍යුතය ගමන් කරවන්න පුලුවන් කියලා.ඒත් 90 ගනන් වෙනකන්ම මේක පාවිච්චි වෙලා තියෙන්නෙ electric toothbrush වල විතරයි. BMW වගේම iPhone වලත් තාම පාවිච්චි වෙන්නෙ ටෙස්ලා හොයාගත්ත ක්‍රමයම තමා, ඒත් ඊට වැඩිය කුඩා receiver යොදාගෙන.
සරළවම මේකෙදි වෙන්නෙ charger එක මගින් අදාල device එකේ තියෙන receiver එකට ශක්තිය සම්ප්‍රේශනය කරන එක. ඒ කියන්නෙ charger එකේ තියෙන කොයිල් එකෙන් හදන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය charge වෙන device එකේ තියෙන receiver කොයිල් එකෙන් නැවත විදුලිය බවට පරිවර්තනය කරලා බැට්රි එක charge කිරීම.

Charger Diagram

Wireless charging වලට මූලික ප්‍රමිති (standards) 2ක් තියෙනවා.

─ Wireless Power Consortium's Qi standard
මේක මූලිකවම බාවිතා වෙන්නෙ smartphone වල, ඒ වගෙම වෙනත් device වලත් මේක යොදා ගන්නවා.මේ වෙද්දි devices 3700ක් විතර තියෙනව.Qi standard එක උපකරණයට වොට් 5ත් 15ත් අතර ප්‍රමානයකට 1.5cmක් හෝ ඊට අඩු දුරවල් වලට විතරයි සහය දක්වන්නෙ.

─ AirFuel Alliance Resonant standard
මේ ප්‍රමිතිය මගින් 50mm දුරක් දක්වා charge කිරීමට ඉඩ ලබා දෙනව. ඒ කියන්නෙ device එක charging dock එකක තියන්නෙ නැතුව charge කරන්න අවස්තාව ලැබෙනවා.ඒ වගේම මේකෙන් devices එකකට වඩා වැඩි ප්‍රමානයක් එකවර charge කරන්න සහය දක්වනවා.

මේකෙ අවාසි ගැන බැලුවොත් wireless charger බාවිතා කරන විට device එක අධික ලෙස රත් වීමක් සිද්ද වෙනවා.iPhone වල මේක අඩු වුනත් බොහෝමයක් Android phone වල වෙන දෙයක්. මේකෙදි සාමාන්‍ය wall charger එකකින් charge කරන්න ගතවෙන කාලයට වඩා වැඩි කාලයක් වැය වෙනවා.ඒ වගේම wireless charger බාවිතා කරන හැම වාරෙකදිම ශක්තියෙන් 30%ක් වගේ ප්‍රමාණයක් අපතේ යනවා.මේ වගේ මිලියනයක් බාවිතයේදි අපතේ යන ශක්තිය නිසා කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 100,000ක් විතර නිපද වෙනවා ඒක ලොකු පාරිසරික බලපෑමක්.

Edit On Github ↗